කොරෝනා වෛරසය හේතුවෙන් මියයන ප‍්‍රතිශතය සියයට 3.4 ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
මීට පෙර එය සියයට දෙකක් බවටයි ගණනය කර තිබුණේ. එහෙත් වෛරසය ව්‍යප්තියත් සමඟ එම ප‍්‍රතිශතය ඉහල ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්හනෝම් ප‍්‍රකාශ කළා.
මේ වනවිට ලොවපුරා වෛරසය ආසාදය වු සංඛ්‍යාව අනු තුන් දහස ඉක්මවා තිබෙනවා. 3200 කට වැඩි මරණ සංඛ්‍යාවක් ද වාර්තා වි ඇති බවයි ප‍්‍රවෘත්ති වාර්තා පවසන්නේ. ලොව පුරා සියලු ජනතාව තම ප‍්‍රතිශක්තිකරණ මට්ටම ඉහල දමා ගැනිම සදහා අවශ්‍ය පියවර ගත යුතු බවද ඔහු පෙන්වා දෙනවා. මෙම වෛරසය ඊටම ආවේණික ලක්ෂණ සහිත වෛරසයක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.
වයස්ගත පුද්ගලයන්ට වෛරසයේ බලපෑම දැඩිව පවතින බවද මේ වන විට තහවුරු වි තිබෙනවා.
මේ අතර කොරෝනා වෛරසයෙන් බලපැම් එල්ලවි ඇති රට වලට ආධාර ලබා දිමට ලෝක බැංකුව තීරණය කළා. ඇමරිකා ඩොලර් බිලියන 12 ක අරමුදලක් ඒ වෙනුවෙන් පිහිටුවා ඇති බවයි ඔවුන් පවසන්නේ. ආධාර වලින් වැඩි ප‍්‍රමාණයක් දිළිදු රට වලට ලබා දිම ද සැලසුමක්.
The post COVID-19 මරණ සංඛ්‍යාව 3200 ඉක්මවයි appeared first on ITN News.

Post a Comment