Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

COVID-19 හේතුවෙන් ඉතාලියේ සිදුවූ මරණ සංඛ්‍යාව 85 දක්වා ඉහළට  

Add comments

COVID-19 වෛරසය හේතුවෙන් ඉතාලියේ සිදුවූ මරණ සංඛ්‍යාව මේ වනවිට 85 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික කාන්තාව මේ වනවිට සුවය ලබමින් සිටින බවයි මිලාන්හි කොන්සල් ජනරාල් කාර්යාලය සඳහන් කරන්නේ. චීනයට පසුව වෛරසයේ පැතිරයාම ශීඝ්‍රවීම සහ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇති රට ඉතාලියයි.

COVID-19 වෛරසය හේතුවෙන් ආසාදිත වූ සංඛ්‍යාව අනූදහස ඉක්මවනවා. මරණ සංඛ්‍යාව තුන්දහස ඉක්මවන බවයි වාර්තා වන්නේ. ලොවපුරා රටවල් 75 කින් පමණ මේ වනවිට COVID-19 වෛරසය ආසාදිතයින් හමුවී තිබෙනවා. ආසාදිතයින් 48,000 ක් සුවය ලබා ඇති බව සඳහන්. යුරෝපා කලාපයේ COVID-19 වෛරසයේ වැඩිම බලපෑම එල්ලවී ඇති රට ඉතාලියයි. එහි කලාප කිහිපයකට රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ ශීත දේශගුණික තත්ත්වය ශීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමඟ වයස්ගත පිරිසගේ ප්‍රතිශක්තිය පහළ යාම හේතුවෙන්.

මේ අතර චීනය හා දකුණු කොරියාව ආසන්නයේ පිහිටි ජපානයේ COVID-19 වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙනවා. චිලී රාජ්‍ය සහ යුක්රේනය පළමුවරට COVID-19 ආසාදිතයින් හමුවූ බව තහවුරු කර තිබෙනවා. ඇමෙරිකාවේ ප්‍රාන්ත 15 කින් පමණ COVID-19 වෛරසය ආසාදිතයින් වාර්තා වන අතර සියයකට අධික සංඛ්‍යාවකට ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. ඒත් සමඟ නිරෝධායන කලාප ප්‍රකාශයට පත් කිරීමට ද ඇමෙරිකා රජය කටයුතු කර තිබෙනවා. වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා සිරකරුවන් 54,000 ක් පමණ තාවකාලිකව ඉදහස් කිරීමට ඉරානය පියවර ගෙන තිබෙනවා. සිරකුටිවල තදබය හේතුවෙන් මෙම තීරණය ගත් බව එරට බලධාරීන් ප්‍රකාශ කරනවා. තවද මෙම වසරේ ජුලි මස ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භවීමට නියමිතව තිබූ ඔලිම්පික් තරගාවලිය ද මෙම වසර අවසානය දක්වා කල් දැමීමට සිදුවනු ඇතැයි ජපාන බලධාරීන් සඳහන් කරනවා. පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් බොහෝ ක්‍රීඩකයින්ට අතට අත දී ආචාර කිරීමෙන් වැළකී සිටින ලෙස දන්වා ඇති අතර ලොවපුරා පැවැත්වීමට නියමිතව තිබූ විවිධ උත්සව සහ ඉසව් රැසක් අවලංගුකර දැමීමට කටයුතුකර තිබෙනවා. මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් අඩු ආදායම් ලාභී රටවලට ඇමෙරිකා ඩොලර් බිලියන 12 ක හදිසි ආධාර පැකේජයක් සමග තාක්ෂණික සේවා ලබාදීමට ලෝක බැංකුව කටයුතු කර ඇතැයි වාර්තා වනවා.

 

The post COVID-19 හේතුවෙන් ඉතාලියේ සිදුවූ මරණ සංඛ්‍යාව 85 දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG