Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා පාලනයට සහ මැඩපැවැත්වීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් යෝජනා 07 ක්  

Add comments

කොවිඩ් 19 වෛරසය පාලනයට සහ මැඩ පැවැත්වීම සදහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත යොජනා හතක් ලබා දී තිබෙනවා.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය එම යෝජනා සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත භාර දීම අමාත්‍යාංශයේ දී සිදු කෙරුණා.

එම යෝජනාවලට අනුව කැස්ස , සෙම්ප්‍රතිශ්‍යාව තිබෙන සියලු දෙනා කොරෝනා රෝගීන්දැයි තහවුරු වන තෙක් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ප්‍රතිකාර සේවා සිදුකිරීම , කොරෝනා වෛරසය පිළිබඳ සිදු කරන පර්යේෂණ සහ නිර්නායක පුළුල් කිරීම, කැස්ස , සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහල්වලට පැමිණෙන රෝගීන් විශේෂිත වාට්ටුවල ප්‍රතිකාර ලබා දීම , කොරෝනා ප්‍රතිකාර සේවාවන් සිදුකරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ලබාදෙන පුද්ගල ආරක්ෂිත උපකරණ , ඇගලුම් වැනි දෑ රෝහල්වලට නිසි ක්‍රමවේදයට ලබාදීම , කොරෝනා වෛරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ජීවිත රක්ෂණ ක්‍රමයක් සකස් කිරීම, සායනික ප්‍රතිකාර සිදු කිරීමේ දී විශේෂඥ උපදෙස් ලබා ගැනීම යන ක්‍රමවේද ක්‍රියාත්මක කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලා සිටිනවා.

 

 

 

The post කොරෝනා පාලනයට සහ මැඩපැවැත්වීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් යෝජනා 07 ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG