කොරෝනා රෝගයෙන් ඊයේ (01) රාත්‍රියේදී මියගිය 73 හැවිරිදි මෙම පුද්ගලයා ජීවත්වූ මරදාන ඉමාමුල් අරුස්මාවත මේ වන විට වසා දමා තිබෙනවා.
ප්‍රදේශයේ පවුල් 230ක 819 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
මෙම රෝගියා දියවැඩියාව, අධික රුධිර පීඩනය, දීර්ඝ කාලීන වකුගඩු අඩපන වීම ආදී රෝග තත්ත්වයන්ගෙන් පෙළී සිටි අයෙක්. රෝගියා රෝහල්ගතවී ඇත්තේ ද රෝගය උත්සන්න වී ඇති අවස්ථාවේදී බැවින් මෙහි අවදානම පිළිබද ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.
The post මරදාන ඉමාමුල් අරුස්මාවත වසා දමයි – පවුල් 230ක 819 දෙනෙකු නිරෝධායනයට appeared first on ITN News.
Post a Comment