ඊයේ රාත්‍රියේ සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගලයාගේ මරණයත් සමඟ කොරෝනා වෛරසයෙන් මෙරටදී මියගිය සංඛ්‍යාව 03 දක්වා ඉහළ ගියා. එම පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පෙරවරුවේ සිදු කිරීමට නියමිතව තිබුණේ මුල්ලේරියාව උඩුමුල්ල පොදු සුසාන භූමියේදීයි. ඒ ජාත්‍යන්තර නිරෝධායන නීති රෙගුලාසිවලට යටත්වයි. එහෙත් එම සුසාන භූමියේ මෙන්ම කොටිකාවත්ත සුසාන භූමියේද මෙම පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට ප්‍රදේශවාසීන් අකමැත්ත පළකර තිබෙනවා. අදාළ සුසාන භූමිය ගේට්ටු වසා දමා තිබීම හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි අපහසුතාවට ලක්වුණා.
කොරෝනා රෝගියෙකුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීම මඟින් රෝගය බෝ වන්නේ නැති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඒ පිළිබඳ ජනතාව අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවයි ඔවුන් තවදුරටත් අවධාරණය කරන්නේ.
කොරෝනා රෝගයෙන් ඊයේ රාත්‍රියේදී මියගිය 73 හැවිරිදි මෙම පුද්ගලයා කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා පවසනවා. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට ඔහුට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව තහවුරු කරගෙන ඇත්තේ ඊයේ දිනයේදීමයි. එම රෝගියා IDH රෝහලට මාරු කරන අවස්ථාවේ මිය ගොස් ඇති බව ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. මෙම රෝගියා දියවැඩියාව, අධික රුධිර පීඩනය , දීර්ඝ කාලීන වකුගඩු අඩපන වීම ආදී රෝග තත්ත්වයන්ගෙන් පෙළී සිටි අයෙක්. රෝගියා රෝහල්ගතවී ඇත්තේ ද රෝගය උත්සන්න වී ඇති අවස්ථාවේදී බැවින් මෙහි අවදානම පිළිබඳ ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.
මේ අතර මෙම රෝගියා ජීවත්වූ මරදාන ඉමාමුල් අරුස්මාවත මේ වන විට වසා දමා තිබෙනවා. ප්‍රදේශයේ පවුල් 230ක 819 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
The post කොරෝනා රෝගියාගේ දේහය ආදාහනය කරන සුසාන භූමිය ගැන දැඩි මත ගැටුමක් appeared first on ITN News.
Post a Comment