නව කොරෝනා වෛරසය මැඩලීම සදහා නිර්දේශ කර ඇති රෙගුලාසි බරපතල මට්ටමින් උල්ලංඝනය කරන පුද්ගලයින් වසර 07 ක කාලයකට බන්ධනාගාර ගත කිරීමට බලය ලැබෙන නීති පද්ධතියකට රුසියානු පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබෙනවා.
චීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිරී ගිය වෛරසය මේ වන විට රටවල් සහ කලාප 204 ක පැතිර ගොස් ඇති අතර ලොව පුරා මරණ සංඛ්‍යාව 53000 කට අධිකයි. හදුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව මිලියනයද ඉක්මවා ගොස් තිබෙනවා.
වෛරසයෙන් පූර්ණ සුවය ලබා සිටින්නේ ආසාදිතයින් දෙලක්ෂ දොලොස් දහසකට ආසන්න සංඛ්‍යාවක් පමණයි.
The post නිරෝධායන නීති කඩ කරන්නන් වසර 07ක් රිමාන්ඩ් කරන්න රුසියානු පාර්ලිමේන්තුවේ අනුමැතිය appeared first on ITN News.
Post a Comment