සුනඛ හා බළලුන්ගේ මස් විකිණීම හා පරිභෝජනය තහනම් කළ පළමු චීන නගරය බවට ෂෙන්ෂෙන් පත්ව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
වනජීවී මස් සමඟ සම්බන්ධයක් පවතින බවට වූ කොරොනා වයිරස් වසංගතයත් සමඟ වනජීවී මාංශ වෙළඳාම සහ පරිභෝජනය තහනම් කිරීමට චීන බලධාරීන්ට බල කිරීමත් සමඟ මෙසේ ඉතිහාසය අනාවරණය කරගැනීමකින් තොර වූ මස් සදහා වාරණයක් පැනවෙමින් තිබෙනවා.
විශේෂඥයින් සදහන් කරන්නේ මාංශ සදහාම ඇති නොකරන කැළෑ සත්වයින් අනුභව කිරීමෙන් මෙවන් දේ සිදුවිය හැකි බවයි.
ෂෙන්ෂෙන් නගරය තවත් පියවරක් ඉදිරියට ගොස් බල්ලන් හා බළලුන්ගේ මාංශ සදහාද තහනම දීර්ඝ කළා. නව නීතිය මැයි මස 1 වන දින සිට බලාත්මක වනු ඇති.
Humane Society International සංවිධානය (HSI) පවසන්නේ ආසියාව පුරා වසරකට සුනඛයන් මිලියන 30 ක් මරා දමන බවයි.
“සෑම වසරකම චීනයේ සුනඛයන් මිලියන 10 ක් සහ බළලුන් මිලියන 4 ක් මරා දමන මෙම කුරිරු වෙළඳාම අවසන් කිරීමට ගත් උත්සාහයේ මෙය සැබවින්ම වැදගත් අවස්ථාවක් විය හැකියි” යැයි Humane Society International සංවිධානයේ චීන ප්‍රතිපත්ති විශේෂඥ ආචාර්ය පීටර් ලී පවසා තිබෙනවා.
-ජාත්‍යන්තර මාධ්‍ය ඇසුරෙන්
The post චීන නගරයක් පළමු වරට බළලුන් සහ බල්ලන් ආහාරයට ගැනීම තහනම් කරයි appeared first on ITN News.
Post a Comment