Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව පුරා කොරෝනා රෝගීන් මිලියනය ඉක්මවයි – ඉතාලියේ 13915ක් ඇමෙරිකාවේ 6088 ක් මරුට  

Add comments

අද පෙරවරු 11 වනවිට ලොවපුරා කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබෙනවා.

මේ වනවිට වාර්තා වන මරණ සංඛ්‍යාව පනස්දහස ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 245,193 ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වනවා. එහි මුලු මරණ සංඛ්‍යාව 6,088 ක්.

වැඩිම කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව වන 13,915 ඉතාලියෙන් වාර්තා වනවා. ස්පාඤ්ඤයෙන් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා තිබෙනවා.

නව කොරෝනා වෛරසය පිළිබද දත්ත ඉදිරිපත් කරන ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් පවසන පරිදි ලොවපුරා කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව නිල වශයෙන් දසලක්ෂ පහළොස්දහස ඉක්මවා ගොස් තිබෙනවා.

ඉදිරියේදී මෙම සංඛ්‍යාව බෙහෙවින් වැඩිවිය හැකි බව ද ඔවුන් කියාසිටිනවා. මීට මාස තුනකට පෙර ආරම්භ වූ කොවිඩ් නයින්ටීන් වෛරසය ගෝලීය වසංගතයක් බවට පත්වුණා. පසුගිය සතිය තුළ සිදුවූ මරණ සංඛ්‍යාව දෙගුණයක් වී තිබෙනවා.

මේ අතර සංවර්ධනය වෙමින් පවතින රටවල කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතයට ප්‍රතිචාර දැක්වීම සදහා ලෝක බැංකුව ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක හදිසි අරමුදල් වෙන්කර තිබෙනවා. ඉන්දියාවේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,500 ඉක්මවා ඇති අතර එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 72 ක්.

The post ලොව පුරා කොරෝනා රෝගීන් මිලියනය ඉක්මවයි – ඉතාලියේ 13915ක් ඇමෙරිකාවේ 6088 ක් මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG