ඇදිරිනීතිය උල්ලංඝනය කරමින් ධාවනය කළ මෝටර් රථයකට එගොඩඋයන, මෝදර අලුත් පාලම අසලදී පොලීසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තුන් දෙනෙකු තුවාල ලැබුවා.
මොරටුව දෙස සිට පානදුර දෙසට ධාවනය කර ඇති මෙම මෝටර් රථයට එගොඩඋයන පරණපාර මාර්ග බාධකයේ දී රථය නැවැත්වීමට සංඥාකර තිබෙනවා. එහෙත් මෙම රථය වේගයෙන් ඉදිරියට ධාවනය කෙරුණා. මෝදර අලුත්පාලම අසල මාර්ග බාධකයේ රාජකාරිවල නිරතව සිටි නිලධාරීන් ද රථය නැවැත්වීමට සංඥා කළ ද එම නියෝග නොසලකාහරිමින් ධාවනය කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
මෙම වාහනය නතර කරන ලෙසට අලුත් පාලමට අනෙක් පසින් ඇති පානදුර දකුණ පොලිස් ස්ථානයේ මාර්ග බාධකයේ නිලධාරීන් ද රථය නැවැත්වීමට සංඥාකර තිබෙනවා. කෙසේ වුවද වෙඩි තැබීමෙන් පසු මෝටර් රථය පානදුර රෝහල අසල නවතා තිබිය දී අත්අඩංගුවට ගැණුනා. මෝටර් රථයේ ගමන් කළ 4 දෙනෙකුගෙන් තුන් දෙනෙකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි එක් අයෙකු ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත්තේ. අ
අද පෙරවරු හයෙන් අවසන් වූ පැය 24 තුළ ඇදිරිනීතිය කඩකළ පුද්ගලයින් 1264 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 325 ක්. මේ අනුව පසුගිය 20 වනදා සිට අද පෙරවරු හය දක්වා ඇදිරිනීතිය කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 10,730 ක් වනවා.
The post ඇදිරිනීතිය උල්ලංඝනය කරමින් ධාවනය කළ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි appeared first on ITN News.
Post a Comment