Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇදිරි නීතිය උල්ලංඝණය කළ 1500ක් පසුගිය පැය 24 දී අත්අඩංගුවට  

Add comments

ඇදිරි නීතිය උල්ලංඝණය කළ 1500 කට වැඩි පිරිසක් පසුගිය පැය 24 දී අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළා.

ඇදිරි නීති බලපත‍්‍ර කොන්දේසි උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන්ද තොරතුරු වාර්තාවී තිබෙනවා. එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ.

රටපුරා ඇදිරි නීතිය ක‍්‍රියාත්මක කිරිමටයි පොලිසිය පියවර ගත්තේ. ඉහල අවදානමක් ඇති කලාප ලෙස හදුනාගත් බස්නාහිර පලාත , පුත්තලම, යාපනය සහ මහනුවර දිස්ත‍්‍රික්වලට බලපැවැත්වෙන ඇදිරි නීතිය යළි දැනුම්දෙනතුරු බලාත්මකව පවතිනවා. සෙසු ප‍්‍රදේශවල ඇදිරි නීතිය ලබන 6 වන සදුදා උදෑසන හයට ඉවත්කොට එදිනම දහවල් දෙකට යළි පැනවීමටයි නියමිත.

ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාවේදී නිවෙස්වලටම ලබාදීමේ වැඩපිලිවෙලක් මේවන විටත් ක‍්‍රියාත්මකයි.

The post ඇදිරි නීතිය උල්ලංඝණය කළ 1500ක් පසුගිය පැය 24 දී අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG