Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටවල් 206කට කොරෝනාව – මරණ හැටහතර දහස ඉක්මවයි  

Add comments

ලොව පුරා රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 206 ක් පුරා පැතිර ගොස් ඇති නව කොරෝනා වෛරසය හේතුවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව දොලොස් ලක්ෂය ඉක්මවා තිබෙනවා.

මරණ සංඛ්‍යාව හැටහතර දහස ඉක්මවා ඇති අතර වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන්. එය  තුන් ලක්ෂ එකලොස් දහස් 635 ක් ලෙසයි වාර්තා වන්නේ. මේ වන විට එහි මරණ සංඛ්‍යාව 8454 ක් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන නිව්යෝරක් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඇන්ඩෘෘ කුවෝමෝ සඳහන් කළේ  ඉදිරි දින 04 ත් 14 ත් කාලය තුලදී නිව්යෝර්ක් නගරයේ තත්ත්වය උත්සන්න විය හැකි බවයි.

කොරෝනා වෛරසයෙන් යුරෝපා කලාපයෙන් වැඩිම බලපෑම එල්ල වූයේ ඉතාලියටයි. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේද ඉතාලිනුයි. අද වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 15362 ක්. ආසාදිතයන්ගේ සංඛ්‍යාව 124632 ක් ලෙසයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් පසුගිය දින කිහිපය සමග සැසදීමේදී එරට දෛනිකවම වාර්තා වන මරණ සංඛ්‍යාවේ අඩුවීමක් සිදුව ඇති බව එරට වාර්තා සඳහන් කරනවා.

මේ වන විට බ්‍රිතාන්‍යයයෙන් කොරෝනා ආසාදිතයින් 41903 ක් වාර්තා වනවා.වෛරසය පැතිරීම ,මැඩපැවැත්වීම ගැටලුවක් වී ඇති බවට විශේෂ ප්‍රකාශයක් එලිසබෙත් මහරැජින අද දිනයේ සිදු කිරීමට නියමිතයි. 93   හැවිරිදි මහරැජින මෙලෙස විශේෂ අවස්ථාවක් ලෙස ජාතිය අමතනු ලබන්නේ සිය 68 වසරක රාජකීය සමය තුළ සිව්වන වතාවටයි. බ්‍රිතාන්‍යයේ 05 හැවිරිදි දරුවකු වෛරසය අසාදනය වී මරණයට පත් වූ පුවතක්ද වාර්තා වුණා.

මේ අතර  ස්පාඤ්ඤයේ අග්‍රාමාත්‍ය පෙඩ්‍රෝ සැන්චෙස් ප්‍රකාශ කරන්නේ දෙවන දිනටත් එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව පහත වැටී ඇති බවයි. ඒ තුළින් පැහැදිලි වන්නේ කොරෝනා රෝගයේ උච්චතම අවස්ථාව පසු කිරීමේ ආසන්නට ස්පාඤ්ඤ ළඟා වී ඇති බවටයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

The post රටවල් 206කට කොරෝනාව – මරණ හැටහතර දහස ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG