ඇදිරි නීතිය කඩකළ 9466 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප‍්‍රකාශ කළා. ඒ ඇදිරි නිතිය පැනවූ මාර්තු 20 වනදා සවස හයේ සිට අද (02) උදෑසන හය දක්වා කාලයේදී.
පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 2332 ක්.
පසුගිය පැය 24 දි ඇදිරි නීතිය කඩකළ 1015 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. වාහන 254 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මේවන විට දිවයිනේ සියලු ප‍්‍රදේශවලට ඇදිරි නීතිය ක‍්‍රියාත්මක කිරිමටයි පියවර ගෙන තිබෙන්නේ. නිති කඩකරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව පොලිසිය සදහන් කළා.
The post පසුගිය පැය 24 දි ඇදිරි නීතිය කඩකළ 1015ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment