අද (03) දහවල් 12.00 න් අවසන්වූ පැය හයක කාලයේ දි ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 289 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීති කඩකරමින් ධාවනය වූ රථවාහන 70 ක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.
ඇඳිරිනීතිය පැනවූ පසුගිය මස 20 වනදා සිට අද (03) දක්වා ඇඳිරිනීතිය උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව එකොලොස් දහස් දහ නවයක්. පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 2727ක් බවයි නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.

The post පැය 6ක් තුල ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 289ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment