Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇඳිරිනීති කාලය තුළ වෙඩි ප‍්‍රහාරයට ලක්වූ සැකකරුවන් පලා යන්න හේතුව මෙන්න  

Add comments

ඇඳිරිනීති කාලය තුළ වෙඩි ප‍්‍රහාරයට ලක්වූ සැකකරුවන් අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයින් බව පොලිස් මූලස්ථානය අද (03) අනාවරණය කළා.

ඊයේ (02) රාති‍්‍ර 10.20ට පමණ එගොඩඋයන පොලිස් වසමේ මෝදර අලුත්පාලම අසල මාර්ග බාධකයේ දි අණ නොතකා ධාවනය කළ මෝටර් රථයට පොලීසිය වෙඩි ප‍්‍රහාරයක් එල්ල කළා. ඉන් රථයේ ගමන් කළ හතර දෙනෙකුගෙන් රියදුරා ඇතුළු තුන් දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් අවුරුදු 18 , 20 සහ 22 වයස්වල පසුවන පානදුර සහ බත්තරමුල්ල ප‍්‍රදේශවල පදිංචිකරුවන්.

එක් අයෙකු 2018 නොවැම්බර් මාසයේ හෙරොයින් ළඟ තබා ගැනිම සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙක්. අනෙක් සැකකරු 2017 වසරේ අපේ‍්‍රල් මාසයේ පානදුර දකුණ පොලිස් ස්ථානය මගින් වරෙන්තුවක් සදහා අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගතව සිටියදි පලාගිය පුද්ගලයෙකු බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.

මත්කුඩු ජාවාරම, පුද්ගලයෙකුට පහරදීම ඇතුළු තවත් චෝදනා රැසක් ඔහුට එරෙහිව එල්ලව ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නෙ.

The post ඇඳිරිනීති කාලය තුළ වෙඩි ප‍්‍රහාරයට ලක්වූ සැකකරුවන් පලා යන්න හේතුව මෙන්න appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG