බස්නාහිර පළාත සහ මහනුවර, යාපනය, පුත්තලම යන දිස්ත්‍රික්කවල ඔබ ගැවසෙන්නේ නම් ඇසුරු කළ පුද්ගලයින් මතක තබාගන්නා ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.
කොරෝනා වෛරසය ආසාදිත බවට යම් සැකයක් හෝ පවතින්නේ නම් ඒ බව නොසඟවා සෞඛ්‍ය අංශය වෙත පවසමින් කොරෝනා මර්දනය ක්‍රියාන්විතයට සහයෝගය දක්වන ලෙස ඒ මහතා ඉල්ලා සිටිනවා.
දැනට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් කලින් තහවුරු කරගත් රෝගීන්ට සෘජු සම්බන්ධතාවයක් පවතින පුද්ගලයින් බවට බුද්ධි අංශ තොරතුරු හෙළි කර ගෙන තිබෙනවා.
කොරෝනා වෛරසය තවමත් ශ්‍රී ලංකාවේ ප්‍රජාව අතර දක්නට ලැබෙන්නේ නැති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.
The post මේ දිස්ත්‍රික්කවල ගැවසෙන්නේනම් ඇසුරු කළ පුද්ගලයින් මතක තබාගන්න appeared first on ITN News.
Post a Comment