ලොව පුරා රාජ්‍යයන් හා ස්වයං පාලන ප්‍රදේශයන් 204 ක පැතිර පවත්නා කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබද සොයා බැලීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.
විදේශයන් හි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය සහතික කිරීම සදහා එම රටවල සිටින දූත මණ්ඩල මගින් ගන්නා පියවර සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍යාංශය සොයා බැලීමක් සිදු කළා. ඉදිරියේදී ඔවුන් වෙත පැමිණිය හැකි ඕනෑම හදිසි අවශ්‍යතාවකට සූදානමින් යුතුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනවා.
පසුගිය දින දෙක තුළ ලොව පුරා නගර 67 ක පිහිටි දූත මණ්ඩලවල ප්‍රධානීන් සමග විදේශ කටයුතු අමාත්‍යාංශය සාකච්ඡා කර තිබෙනවා. කලාපීය රටවල් කාණ්ඩ 05 ක් යටතේ වර්ග කර ඒවායේ පිහිටි දූත මණ්ඩල ප්‍රධානීන් සමග විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාත ආරියසිංහ මහතා සාකච්ඡා කළ බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය සදහන් කරන්නේ.
මේ අතර විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ආරම්භ කළ ශ්‍රී ලංකාව අමතන්න නමැති මාර්ග ගත වෙබ් ද්වාරය තුළින් මේ දක්වා ශ්‍රී ලාංකිකයන් 45770 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා.
The post කොරෝනාවෙන් ලොව පුරා පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන් ගැන සොයා බැලීමේ විශේෂ වැඩපිළිවෙලක් appeared first on ITN News.
Post a Comment