රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඇප මත මුදාහැරුණා.
මිග්යානා ගණුදෙනුවට අදාළ සැකකරුවෙකු ලෙස චෝදනා එල්ලවී තිබූ උදයංග වීරතුංග මහතා අධිකරණ නියෝගමත රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා. ඔහු දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමටයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ. ඒ අනුව රුපියල් ලක්ෂ 500 ක ශරීර ඇප දෙකක් හා රුපියල් ලක්ෂ 25 මුදල් ඇපයක් මත සැකකරු මුදාහැරීමට අධිකරණය නියෝග කළා. පවත්නා තත්ත්වය සැළකිල්ලට ගනිමින් මුදල් ඇප ඉදිරි දිනක තැන්පත් කිරීමට අධිකරණය අවසර ලබාදුන්නා.
කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ පවත්නා තත්ත්වය මත උදයංග වීරතුංග මහතා අධිකරණයට ඉදිරිපත් නොකෙරුණු අතර සුවිශේෂී තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් සැකකරුට ඇප ලබාදෙන ලෙස නීතීඥවරුන් කළ ඉල්ලීම සළකා බලා අධිකරණය මෙම ඇප ලබාදීමේ නියෝගය නිකුත් කළා. උදයංග වීරතුංග මහතාගේ සහ ඇපකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමටයි මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේ.
The post උදයංග වීරතුංගට ඇප appeared first on ITN News.
Post a Comment