Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් යළිත් අනතුරු ඇගවීමක්  

Add comments

කොරෝනා වංසගතය ලොව පුරා රටවල් සහ ස්වයං පාලන ප්‍ර දේශ 203 ක් පුරා පැතිර යද්දී පුද්ගලයින් 936,958කට වෛරසය වැලදී තිබෙනවා. කොවිඩ් 19 හේතුවෙන් මිය ගිය ගණන 47,264ක්. රෝගීන් 194,665ක් සුවය ලබා තිබෙනවා.

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කර නොගතහොත් දින කිහිපයක් තුල මිලියන ගණනකට වෛසරය ව්‍යප්ත විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස්  පවසනවා. ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ  වෛරසයේ ව්‍යාප්තියේ අවම කිරීම සදහා මුහුණු ආවරණ පැළදීමට ජනතාව උනන්දු කිරීමට අවධානය යොමුකර ඇති බවයි.

ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 02 ඉක්මවා යද්දි ඇමෙරිකාවද ජනතාව වෙත මුහුණු ආවරණ සම්බන්ධයෙන් ලබාදී තිබූ උපදෙස් වෙනස් කිරීමට අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව නිවෙසින් බැහැරට යන සියලු දෙනා මුහුණ ආවරණ පැළදිය යුතුද නැද්ද යන්න ඉදිරියේදී දැනුම් දෙනු ඇති.

සතියකට පසු ඉතාලියෙන් වාර්තා වූ අඩුම මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. එය සටහන් වූයේ මරණ 727 ක් ලෙසයි. නමුත් ඉතාලිය සම්පූර්ණයෙන්ම වසා දමන කාලය මෙම මස 13 වනදා තෙක් දීර්ඝ කර තිබෙනවා.

ස්පාඤ්ඤයේ ආසාදිතයන් වාර්තා වීමේ වේගය අඩුවී තිබුණද මරණ සංඛ්‍යාව 9000 පසු කර තිබෙනවා. එක්දිනයක් තුලදී එරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වන 864 ඊයේ දිනයේදී වාර්තා වුණා.

පිලිපීන රජය විසින් පනවා ඇති නීති උල්ලංඝනය කරන්නන් සදහා වෙඩි තැබීම එරට ජනාධිපති නියෝග කර තිබෙනවා. මැනිලා නුවර ජනතාව වීදිවලට පැමිණ රජයට විරුද්ධව උද්ඝෝෂණ ක්‍රියාත්මක කිරීම මීට හේතුවයි.

 

 

The post කොරෝනා ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් යළිත් අනතුරු ඇගවීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG