Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොවපුරා කොරෝනා ආසාධිතයන් ගණන දස ලක්ෂ අනුනව දහස ඉක්මවයි  

Add comments

කොරෝනා වෛරසය ආසාධනය වූ සංඛ්‍යාව දසලක්ෂ අනුනව දහස්  අසුවක් දක්වා වැඩිවී තිබෙනවා.

ඒ රටවල් 205 කින්. දක්ෂිණධ‍්‍රැවය හැර සියලු මහද්වීපවලට කොරෝනා ව්‍යප්තවී ඇති බවටයි හදුනාගෙන තිබෙන්නේ. මියගිය ගණන 59,178ක්.

228,923ක් සම්පුර්ණ සුවය ලබා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.

මේවන විට කොරෝනා හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ලවී තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයට. වාර්තාවී ඇති ආසාධිතයන් සංඛ්‍යාව 277,467ක්. ඒ ඊයේ (03) හදුනාගත් ආසාධිතයන් තිස්එක් දහස් එකසිය හැටදෙනාත් සමග. මරණ 7,402 ක් ද වාර්තාවී තිබෙනවා.

ස්පාඤ්ඤයට සහ ඉතාලියටද කොරෝනා හේතුවෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. ජර්මනිය, ප‍්‍රංශය සහ එංගලන්තයද ප‍්‍රබල බලපෑම් එල්ලවූ සෙසු රටවල් ලෙසයි සැලකෙන්නේ.

මේ අතර සාමාන්‍ය ශ්වසන ක‍්‍රියාවලිය සහ කථනය හරහාද කොවිඩ් නයින්ටින් භෙවත් කොරෝනා ආසාධනය විය හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා. ඒ අනුව මුහුණු ආවරණ පැලැදීම ඉතා සුදුසු බවයි පර්යේෂණය සිදුකළ ඇමරිකා විද්‍යාඥයන් සදහන් කළේ. කැස්ස සහ කිවිසුම් යාමෙන් වෛරසය ආසාධනය වන බවට මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා. කැනඩාවට සහ ලතින් ඇමරිකාවට මුහුණු ආවරණ අපනයනය නතර කිරිමට ද ඇමරිකාව තීරණය කර තිබෙනවා. ඒ රටතුළ උද්ගතවී ඇති තත්වයත් සමග ආරක්ෂිත උපකරණ හිඟවිම හේතුවෙන්.

The post ලොවපුරා කොරෝනා ආසාධිතයන් ගණන දස ලක්ෂ අනුනව දහස ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG