ජපානයේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම ඉහළ ගියද එරට තවමත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේට දැඩි විවේචන එල්ලවනවා.
ජපානය මෙම රෝගය පිළිබදව දැඩි අවදානයක් මෙතෙක් යොමුකර නැහැ. එහෙත් එක් නිවසකට නැවත භාවිත කළ හැකි මුඛ ආවරණ දෙක බැගින් ලබාදෙන බවට එරට රජය ප්‍රකාශ කළා. ඒත් සමගම අග්‍රාමාත්‍යවරයාට එරෙහි චෝදනා ඉහළ ගියා. ජපාන සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ වෛරසය පැතිරයාම අසාමාන්‍ය ලෙස ඉහළ ගියහොත් එරට සෞඛ්‍ය පද්ධතිය ද අඩාල වියහැකි බවයි.
එවැනි පසුබිමක දී රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්නොකරමින් රජය මෙසේ කටයුතු කිරීම ජනතාවගේ දැඩි දෝශදර්ශනයට ලක්ව තිබෙනවා. මේ වනවිට ජපානය පුරා කොරෝනා වෛරසය ආසාදනය වූවන් 2,300 කට අධික පිරිසක් සිටින අතර පුද්ගලයින් 57 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
The post හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් නොකිරීම නිසා ජපාන අගමැතිට දැඩි විවේචන appeared first on ITN News.
Post a Comment