කොරෝනා ගෝලීය වෛරස් වසංගතයේ අන්ධකාරය හා සටන් වැදීම සලකුණු කරමින් අද රාත්‍රි 9.00 විනාඩි 9ක කාලයක් විදුලි පහන් නිවා දමන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එරට වැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා.
එම කාලය තුළ සිය නිවෙස්වල දොර අසළ සහ ආලින්දයෙහි පහන් දල්වන ලෙස ඔහු ඉල්ලා සිටිනවා. එසේ නොමැතිනම් ජංගම දුරකතන වල බල්බ ඒ සඳහා යොදා ගත හැකි බවයි නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
මේ අතර ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට තුන්දහස ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 99 ක් ලෙස වාර්තා වනවා.
The post වසංගතයේ අන්ධකාරය දුරලන්න ඉන්දියාවම අද පහන් දල්වයි appeared first on ITN News.
Post a Comment