අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම බෙදීමේ සේවාව කඩිනම් කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා තැපැල් විශේෂ බෙදීම් සේවාවේ මූලස්ථාන මෙහෙයුම් ඒකකය පවසනවා.
ශ්‍රි ලංකා තැපෑල් සේවය සමඟ එක්ව අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම බෙදීමේ සේවාව ආරම්භ කළේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මැදිහත් වීම මතයි. ඒ අනුව සුපිරි වෙළදසැල්වල සූදානම් කර ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ මළු කඩිනමින් පාරිභෝගිකයන් වෙත භාරදීමට තැපැල් දෙපාර්තමේන්තුව සූදානමින් සිටිනවා. මෙම ජාතික කාර්ය සඳහා තමන් සමඟ එක්වන මෙන් තැපැල් දෙපාර්තමේන්තුව සියලුම සුපිරි වෙළෙදසැල් හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා ළගම තැපැල් කාර්යාලයට හෝ පහත දුරකතන අංක මඟින් මූලස්ථාන මෙහෙයුම් ඒකකයට දැන්විය හැකියි.

The post අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම බෙදීමේ සේවාව කඩිනම් කෙරේ appeared first on ITN News.
Post a Comment