Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා ප්‍රතිකාර සේවා පුළුල් කෙරේ  

Add comments

කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් පාලනය කෙරෙන අතර ප්‍රතිකාර සේවාද පුළුල් කෙරෙමින් පවතිනවා. ඇතිවිය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණදීම සඳහායි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ.

ප්‍රතිකාර සේවා විධිමත්ව පවත්වාගෙන යාම සඳහා කාර්ය මණ්ඩලවලට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට බොහෝ ආයතන හා පුද්ගලයින් මේ වනවිට ඉදිරිපත්ව සිටිනවා. යුනිලීවර් ලංකා සමාගම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ප්‍රයෝජනය සඳහා ආරක්ෂිත ඇදුම් කට්ටල හාරදහසක් හා උෂ්ණත්වමානක තොගයක් පරිත්‍යාග කළා. අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත භාරදුන් මෙම උපකරණ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 45 ක් වනවා. කොරෝනා ආසාදිත බවට සැක කෙරෙන රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලය සදහා ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගම සන්නිවේදන උපකරණ තොගයක් පරිත්‍යාග කළා. එමෙන්ම ඒ ඩී පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගම ශල්‍යකර්ම සඳහා භාවිත කරන ඇදුම් කට්ටල හා ශල්‍යාගාර ඇදන් තොගයක් පරිත්‍යාග කළා. තවත් ආයතන හා පුද්ගලයින් කිහිප දෙනෙකුම විවිධ පරිත්‍යාගයන් සිදුකර තිබෙනවා.

 

 

 

The post කොරෝනා ප්‍රතිකාර සේවා පුළුල් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG