අග්නිදිග ආසියාවේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා.
ඉන්දුනීසියාවේ කොරෝනා ආසාදිතයින් 1,986 දෙනෙකු මේ වනවිට වාර්තාවී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. පුද්ගලයින් 181 දෙනෙකු වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වුණා. ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර වෛරසය විශාලවශයෙන් පැතිරී තිබෙනවා. ජකර්තා නගරයේ සෞඛ්‍ය සේවකයින් 95 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමාණවත් පහසුකම් නොතිබීම වෛරසය මෙලෙස ව්‍යාප්තවීමට හේතුවී ඇති බවයි විචාරකයින් පවසන්නේ.
The post අග්නිදිග ආසියාවේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉන්දුනීසියාවෙන් appeared first on ITN News.
Post a Comment