Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු ලබන 11 වනදා සිට යළි ඇරඹෙයි  

Add comments

ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු ලබන 11 වනදා සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

අලුත්කඩේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ තත්ත්වය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම සැළකිල්ලට ගෙනයි අගවිනිසුරුවරයා මෙම තීරණයට එළඹ ඇත්තේ.

අවුරුදු නිවාඩු සමයෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු අප්‍රේල් 27 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද උද්ගතව පැවති තත්ත්වය හේතුවෙන් එය කල් දැමුණා. ඒ අනුව අප්‍රේල් 27 වනදා සිට මැයි මස 6 වනදා දක්වා වූ කාලය තුළ විවෘත අධිකරණයේ කැඳවීමට නියමිතව තිබූ නඩු සඳහා ඉදිරියේදී අලුතින් දින ලබා දෙන බවයි ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටාර් ප්‍රදිප් මහමුතුගල මහතා පවසන්නේ.

 

 

The post ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු ලබන 11 වනදා සිට යළි ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG