Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා මර්දනයට විදේශවලින් කිසිඳු මුදලක් ලැබී නැහැ – අගමැති  

Add comments

කොවිඩ් 19 වෛරස තත්ත්වයට අදාළව මූල්‍යමය වශයෙන් මෙරටට විදේශ ආධාර ලැබී නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ අද පැවති සාකච්ඡාවේදීයී ඒ මහතා මේ බව කියා සිටියේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු රෝගියා වාර්තා වීමේ සිට වෛරසය මැඩ පැවැත්වීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම රෝගය පාලනය සඳහා ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වයා සහ බුද්ධි අංශ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කළා. විදේශ ආධාර ලැබීම හා වියදම් කිරීම් සම්බන්ධයෙන් විපක්ෂයෙන් විවිධ චෝදනා එල්ල වන බැවින් ඒ පිළිබඳ නිසි දැනුවත් කිරීමක් අවශ්‍ය බව හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ මහතා මෙහිදී කියා සිටියා.

ලෝක බැංකුව වත්මන් ව්‍යසනකාරී තත්ත්වය හමුවේ ඇමෙරිකා ඩොලර් මිලියන 127 ක ආධාරයක් ලබාදීමට එකඟවී ගිවිසුම් අත්සන් කළද මෙතෙක් එම මුදල් මෙරටට ලැබී නැති බවයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා පැවසුවේ. එම මුදල් ඉදිරියේදී ලැබීමට නියමිතව ඇති බවද ඒ මහතා සඳහන් කළා. මීට අමතරව විදේශ ආධාර වශයෙන් ද්‍රව්‍යමය ආධාර සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දුන්නා. රැකියා සඳහා කොළඹට පැමිණ සිටින එහෙත් පවත්නා තත්ත්වය යටතේ නිවෙස්වලට යාමට නොහැකිව සිටින උතුරු නැගෙනහිර ජනතාවට නිවෙස් වෙත යාම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කර  දෙන ලෙස උතුරු නැගෙනහිර නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියා. උතුරු නැගෙනහිර ජනතාවගෙන් බහුතරයක් දෛනික ආදායම් ලබන්නන් බැවින් රජයෙන් ලබාදෙන සහනය වැඩිකරන ලෙස  ද ඉල්ලීමක් සිදු කෙරුණා. කොළඹ ඇතුළු නගරවල සිටින 53,000 ක පමණ පිරිසක් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් ක්‍රමානුකූලව ගම්බිම් කරා යැවීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව පොලිස්පතිවරයා කියා සිටියා.

කොරෝනා වංසගතය හේතුවෙන් නිවෙස්වලට වී සිටින දරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට අග්‍රාමාත්‍යවරයා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල පිළිබඳ හිටපු මන්ත්‍රීවරුන්ගේ ප්‍රසාදය හිමිවුණා. එවැනි වැඩසටහන් තවත් ක්‍රියාත්මක කළ යුතු බවයි ඔවුන් සඳහන් කළේ. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා යෝජනාවලියක් අග්‍රාමාත්‍යවරයා වෙත මෙහිදී  භාරදුන්නා.

 

The post කොරෝනා මර්දනයට විදේශවලින් කිසිඳු මුදලක් ලැබී නැහැ – අගමැති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG