Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දන්සැල් වෙනුවෙන් වෙන්කළ මුදලෙන් අඩු ආදායම් ලාභි පවුල් සඳහා එළවළු මල්ලක්  

Add comments

ඇදිරිනීතිය හේතුවෙන් සිය ජීවනෝපාය කර ගැනීමට නොහැකිව සිටින ජනතාව සදහා උපකාර කිරීමට වෙසක් සමයේ බොහෝ දෙනා පෙළඹී සිටිනවා.

වෙසක් දන්සැල වෙනුවෙන් වෙන්කළ මුදලෙන් අඩු ආදායම් ලාභි පවුල් 320 ක් සදහා නැවුම් එළවළු මල්ලක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ගාල්ල උණවටුන,  මැටරඹ ප්‍රදේශයේ දී ක්‍රියාත්මක කෙරුණා.

රුපියල් දහසක් පමණ වටිනා මෙම එළවළු මල්ල නිවසටම ගොස් භාරදීමටයි සංවිධායකයින් ක්‍රියා කළේ. එළවළු ව්‍යාපාරිකයින් හා ධානපතියෙකු මේ සදහා පෙරමුණ ගත්තා.

මේ අතර බෝපේ සණස බැංකුව ආවරණය වන වසම් තුනක පවුල් 10,086 ක් සදහා වියළි ආහාර බෙදාදීම සිදුකෙරුණා. ඒ සදහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 17 ක්. වාර්ෂික දඹදිව වන්දනා චාරිකා සදහා යොදවන මුදල් මෙසේ සහනාධාර ලබාදීම වෙනුවෙන් වැයකෙරුණා.

The post දන්සැල් වෙනුවෙන් වෙන්කළ මුදලෙන් අඩු ආදායම් ලාභි පවුල් සඳහා එළවළු මල්ලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG