Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා වසංගතයෙන් ලොවපුරා දරුවන් කෝටි 160කට මානසික බලපෑම්  

Add comments

නව්‍ය කොරෝනා වසංගතය හේතුවෙන් ලොවපුරා දරුවන්ට සිදුවිය හැකි මානසික බලපෑම් පිලිබදව ළමා රෝග විශේෂඥයන් අනතුරු අගවා තිබෙනවා.

හුදකලාවීම සහ සිය සඟයන්ගෙන් වෙන්ව සිටිම ඊට හේතුව බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ. රටවල් වසා තැබීම සහ සංචරණ සීමාකිරිම හේතුවෙන් ලොවපුරා පාසල් කටයුතු අඩාල වුණා. ඒ සමඟ රටවල් 145 ක දරුවන් කෝටි 160 කට බලපෑම් එල්ලවූ බවයි යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙන්නේ.

කොරෝනා වෛරසය ආසාධනයවීම සහ ඉන් තමන් මරණයට පත්වනු ඇතැයි බියෙන් ලොවපුරා ඇතැම් දරුවන් භීතියට පත්ව ඇති බවත්, යුනිසෙෆ් සංවිධානය සදහන් කළා. මානසික ආතතිය වැඩිවීමෙන් දරුවන්ට එල්ලවන බලපෑම පාලනය කිරිමට මැදිහත්විය යුතු බවයි යුනිසෙෆ් සංවිධානයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ. එසේ නොවුණහොත් විශාදය පාලනය කරගත නොහැකි වී දරුවන් මානසික වියවුල් භාවයකට පත්විය හැකි බවත්, ඔවුන් සදහන් කළා.

අනාගතය පිලිබද හුදකලා බවත් සහ අවිනිශ්චිතතාවක් දැනීම තරුණ දරුවන් කෙරෙහි දැඩිව බලපා ඇති බවද යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙනවා. කුඩා ළමුන් සහ අවුරුදු 11 ත් 19 ත් අතර වයසේ පසුවන දරුවන් නව්‍ය කොරෝනා වෛරසය පිලිබදව භියෙන් පසුවන බවයි යුනිසෙෆ් සංවිධානය කළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙන්නේ.

 

The post කොරෝනා වසංගතයෙන් ලොවපුරා දරුවන් කෝටි 160කට මානසික බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG