දකුණු කොරියාවේ නැවතත් පාසල් 200 කට වැඩි සංඛ්‍යාවක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
මාස දෙකක පමණ කාලයකට පසු ඉහළම දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව වන 79 දෙනෙකු වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන තිබෙන බවයි එරට බලධාරීන් පවසන්නේ.
මීට දින දෙකකට පෙර සෝල් අගනුවරට ආසන්න නගරයකින් වාර්තා වූ ආසාදිතයන්ගේ පොකුරත් සමග වෛරසය නවමුහුණුවරකින් පැතිර යාම ආරම්භ වී ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.
ඔන්ලයින් ක්‍රමය ඔස්සේ තම අධාපන කටයුතුවල නිරත වන ලෙසයි සිසුන් දැනුවත් කර තිබෙන්නේ.
The post දකුණු කොරියාවේ නැවතත් පාසල් 200 කට වැඩි සංඛ්‍යාවක් වසා දැමේ appeared first on ITN News.
Post a Comment