Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උස නැවත මැනීම සඳහා චීන සමීක්‍ෂණ කණ්ඩායමක් ලොව උසම කඳු මුදුනට  

Add comments

ලොව උසම කඳු මුදුනේ උස නැවත මැනීම සඳහා චීන සමීක්‍ෂණ කණ්ඩායමක් එවරස්ට් කඳු මුදුනට පැමිණ ඇති බව වාර්තා වනවා.

එවරස්ට් කන්දේ උස නැවත මැනීම හා විද්‍යාත්මක පර්යේෂණ කටයුතු සඳහා චීන සමීක්‍ෂණ කණ්ඩායම එවරස්ට් කඳු මුදුනට පැමිණ ඇති බවයි චීන රාජ්‍ය රූපවාහිනිය වන සී සී ටීවී වාර්තා කළේ.

මීටර තුන්දහස් අටසියයක උසකින් පිහිටි කඳවුරක සිට මෙම කණ්ඩායම කටයුතු කිරීමටයි බලාපොරොත්තු වන්නේ. කඳු මුදුනට පැමිණීමට පැය 9 ක කාලයක් ගතවුණා.

මොවුන් මීට පෙර කඳු තරණයට 6 වතාවක් උත්සාහ කර ඇති නමුත් අයහපත් කාලගුණය ඊට බාධාවක් වී තිබෙනවා.

චීනය මීට පෙර 1975 සහ 2005 වසරේදී එවරස්ට් කන්දේ මැනීම් කටයුතු සිදුකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

The post උස නැවත මැනීම සඳහා චීන සමීක්‍ෂණ කණ්ඩායමක් ලොව උසම කඳු මුදුනට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG