ලන්ඩන් නුවරදී වියට්නාම සරණාගතයින් 39ක් මිය යාමේ සිද්ධියට අදාළව පුද්ගලයින් 26 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බෙල්ජියමේදී හා ප්‍රංශයේ දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ. මොරොක්කෝ , වියට්නාම හා ප්‍රංශ ජාතිකයන් මෙම පිරිසට අයත්. මියගිය පුද්ගලයින් රැකියා ලබා දීම සඳහා බ්‍රිතාන්‍යයට රැගෙනවිත් තිබූ බවයි පරීක්ෂණ කණ්ඩායම් සඳහන් කරන්නේ. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ආසන්නයේ දී ලොරි රථයක් තුළ මියගොස් සිටි වියට්නාම ජාතිකයින් පිරිස පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ දී පොලිසිය විසින් සොයා ගැනුණා. මහා පරිමාණයෙන් මිනිස් ජාවාරමේ යෙදෙන පිරිසක් මෙම සිද්ධියට සම්බන්ධ බවටයි සැක කෙරෙන්නේ.
The post ලන්ඩන් නුවරදී වියට්නාම සරණාගතයින් 39ක් මිය යාමේ සිද්ධියට 26 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment