Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ට්‍රම්ප් සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් විධායක ආඥාවක් අත්සන් කරයි  

Add comments

සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් විධායක ආඥාවක් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කර තිබෙනවා.

සමාජ මාධ්‍ය තහනම් කරන බවට ඔහු මීට පෙර තර්ජනය කර තිබුණා. සමාජ මාධ්‍ය මඟින් පතුරුවනු ලබන අදහස් රජයේ වැඩපිළිවෙලට බාධාවක් වන බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා කියා සිටියේ.ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩ සඳහා නිරවද්‍යතාව පරීක්ෂා කිරීමේ මෙවලමක් ට්වටිර් ආයතනය හඳුන්වා දීමත් සමඟ ට්‍රම්ප් සහ සමාජ මාධ්‍ය  අතර ගැටුම උග්‍ර වුණා. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් අත්සන් කර ඇති නව පනත සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් හෙලි වී නැහැ. කොංග්‍රසයේ අනුමැතියෙන් තොරව ජනාධිපතිවරයාට සමාජ මාධ්‍ය පාලනය කිරීමට හැකිවේද යන්න පිළිබඳ දැඩි විවාදයක් ඇමෙරිකා සමාජය තුළ ඇති වී තිබෙනවා.

 

The post ට්‍රම්ප් සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් විධායක ආඥාවක් අත්සන් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG