Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා නිසා ඉදිරි මාසවල අනපේක්ෂිත ගැබ් ගැනීම් මිලියන 7ක්! -UNFPA  

Add comments

COVID-19 වසංගතය නිසා ඇති වන ආර්ථික හා ශාරීරික බාධාවන් කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ අයිතිවාසිකම් සහ සෞඛ්‍යයට විශාල ප්‍රතිවිපාක ගෙන දිය හැකි බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල UNFPA සහ හවුල්කරුවන්ගේ නව විශ්ලේෂණයක් පෙන්වා දෙයි.

මාස 6 ක් තුළ සැලකිය යුතු මට්ටමේ වසාතැබීම් නිසා අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල කාන්තාවන් මිලියන 47 කට නව උපත් පාලන ක්‍රම භාවිතා කිරීමට නොහැකි වන අතර එමඟින් අනපේක්ෂිත ගැබ් ගැනීම් මිලියන 7 ක් අපේක්ෂා කෙරෙන බව එම විශ්ලේෂණයෙන් පෙන්වා දෙනවා. මාස හයක වසාතැබීම් හේතුවෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය තවත් මිලියන 31 ක් විය හැකියි.

වසංගතය කාන්තා ලිංගික විකෘතිතා සහ ළමා විවාහ අවසන් කිරීම සඳහා වැඩසටහන් වල සැලකිය යුතු ප්‍රමාදයක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරි දශකය තුළ ගැහැණු ලිංගික අවයව විකෘති කිරීම් නිසා ඇතිවන රෝගීන් මිලියන 2 ක් වනු ඇතැයි ගණන් බලා තිබෙනවා.ගෝලීය වශයෙන් වර්ධනය වන ආර්ථික දුෂ්කරතා මත මෙම ප්‍රමාද වූ වැඩසටහන් හේතුවෙන් වසර 10 ක් තුළ තවත් ළමා විවාහ මිලියන 13 ක් සිදුවනු ඇතැයි ගණන් බලා තිබේ.

Avenir Health, ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය (ඇමරිකා එක්සත් ජනපදය) සහ වික්ටෝරියා විශ්ව විද්‍යාලය (ඕස්ට්‍රේලියාව) සමඟ එක්ව මෙම සංඛ්‍යා දළ ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබෙනවා. වසංගතය සහ එයට දක්වන ප්‍රතිචාරය ලොව පුරා දිග හැරෙන්නේ කෙසේද යන්න පිළිබඳව තවමත් බොහෝ දේ නොදනී. එහෙත්, එක්ව, ප්‍රක්ශේපණයන් මගින් කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ සුභසාධනය සුරක්ෂිත කිරීමට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සහතික කිරීමට හදිසි උත්සාහයක් නොගන්නේ නම්, අනාගතය පිළිබඳ භයානක තත්වයක් පෙන්නුම් කරන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල UNFPA සදහන් කරයි

 

The post කොරෝනා නිසා ඉදිරි මාසවල අනපේක්ෂිත ගැබ් ගැනීම් මිලියන 7ක්! -UNFPA appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG