Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොවපුරා කොරෝනා මරණ දෙලක්ෂ තිස් හතර දහස ඉක්මවයි  

Add comments

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා 3,308,901 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 1,042,995 ක්. වෛරස ආසාදනය හේතුවෙන් මරණ 234,139 ක් වාර්තා වනවා.

රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 212ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

ඇමෙරිකාවේ කොරෝනා ආසාදියන්ගේ සංඛ්‍යාව දස ලක්ෂ අනූපන්දහස ඉක්මවා ගියේ ගත වූ පැය 24 තුළ වාර්තා වූ නව ආසාදිතයින් තිස්දහස් අටසිය විසිනවයත් සමගින්.  ඊයේ දිනයේදී පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව දෙදහස ඉක්මවා ගොස් තිබුණා.

ලෝක කම්කරු දිනය වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉතාලි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටින්නේ එරට වෙසෙන දෙස් විදෙස් සියලු ජනතාවගේ ආරක්ෂාව මෙන්ම සුබ සාධනය වෙනුවෙන් අවශ්‍ය  සියලු කටයුතු සැළසුම් කර ඇති හෙයින් තම මව්රටට යෑමට කිසිවෙකු හදිසි නොවන ලෙසයි.

බ්‍රිතාන්‍ය මේ වන විට වසංගතයේ උච්චතමය අවස්ථාව පසුකර ඇතැයි අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසනවා. සුවය ලැබීමෙන් අනතුරුව පැවැත්වූ ප්‍රථම මාධ්‍ය හමුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මේ අතර ජගත් සංවිධාන මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතයට එරෙහි සටනේදී ලෝක බලවතුන් සහ ජාත්‍යන්තර ප්‍රජාව බෙදී සිටීම පිලිබදව සිය කනස්සල්ල පල කළා. දුප්පත් රටවලට කොවිඩ් නයින්ටීන වෛරසයට එරෙහි සටනේදී ප්‍රමාණවත් සහනයක් නොලැබෙන බවයි ඔහු කියා සිටියේ. ජගත් සංවිධාන මහලේකම්වරයා මේ බව සදහන් කළේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා වෛරසය මුල් කරගෙන චීනයට එරෙහිව නගන චෝදනා උත්සන්න වෙමින් පවතින අවස්ථාවකදීයි.

මේ අතර ගෝලීය වායු දූෂණය සියයට අටක් දක්වා අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කොරෝනා වසංගතය හේතුවෙන් බොහෝ රටවල් නගර වසා දැමීමෙන් මෙම තත්ත්වය උදාවි ඇති බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. ඕසෝේ ස්ථරයේ උත‍්‍රධ‍්‍රැවයට ඉහලින් පැවති විශාලතම සිදුර මේ වන විට මුළුමනින්ම වැසී ගොස් ඇති බවද විද්‍යාඥයන් සදහන් කරනවා.

The post ලොවපුරා කොරෝනා මරණ දෙලක්ෂ තිස් හතර දහස ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG