Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගස්ලබු කිලෝ දස දහසක් ඩුබායි රාජ්‍යයට  

Add comments

වව්නියාව දිස්ත්‍රික්කයේ ගස්ලබු වගාවෙන් ඉහළ අස්වැන්නක් ලැබී තිබෙනවා. ගස්ලබු කිලෝ දස දහසක් අපනයනය සඳහා සූදානම් කර ඇති බව වව්නියාව දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන මහතා ප්‍රකාශ කළා.

වව්නියාව දිස්ත්‍රික්කයේ අක්කර 200 කට අධික භූමි ප්‍රමාණයක ගස්ලබු වගාකර තිබෙනවා. ඉන් සාර්ථක අස්වැන්නක් මේ වන විට ලැබෙන බවයි ගොවි ජනතාව පවසන්නේ. පළතුරු නිෂ්පාදන සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළ සකස් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

ඒ යටතේ ගස්ලබු කිලෝ දස දහසක් ඩුබායි රාජ්‍ය සඳහා යැවීම ඊයේ (01) සිදුකෙරුණා. ඇඳිරිනීතිය හේතුවෙන් අස්වනු අලෙවි කිරීමේ ගැටලුවලට මුහුණ දී සිටි ගොවි ජනතාවට අස්වනු අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර දීමට දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කළා.

ඒ අනුව පළමු අස්වනු තොගය වව්නියාව පම්පමඩුව ප්‍රදේශයේදී මිලදී ගැනිම සිදුකෙරුණා.

The post ගස්ලබු කිලෝ දස දහසක් ඩුබායි රාජ්‍යයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG