කලු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි වීදිවල විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කෙරුණා.
මේ හේතුවෙන් වාහන ගමනාගමනයට ද බාධා එල්ල වූ බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. මුහුණු ආවරණ පැළද ගනිමින් සිය ගණනක විරෝධතාකරුවන් පිරිසක් වීථිවලට රැස්ව සිටියා. පොලීසිය උද්ඝෝෂකයන් වෙත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවයි විදෙස් වාර්තා කියාසිටියේ. විරෝධතාකරුවන් ද ගල් මුගුරු , වතුර බෝතල් ආදියෙන් පොලීසියට පහර දෙන ආකාරය දැක ගැනීමට ලැබුණා. කලු ජාතිකයන්ට එරෙහිව සිදුවන බලපෑම් සම්බන්ධයෙන් පසුගිය කාලය මුළුල්ලේ ඇමෙරිකාව තුළ විටින් විට විරෝධතා ව්‍යාපාර ඇති වුණා. අදාළ වෙඩි තැබීම් සිදු කළ සුදු ජාතික පොලිස් නිලධාරියාට එරෙහිව අපරාධ චෝදනා ගොනුකර ඇති බවයි ඇමෙරිකා බලධරීන් සඳහන් කළේ.
The post කලු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කිරීමට එරෙහිව ලොස් ඇන්ජලීස් වීදිවල විරෝධතා appeared first on ITN News.
Post a Comment