හොංකොං සඳහා නව ආරක්‍ෂක පනතක් ගෙන ඒමට චීන පාර්ලිමේන්තුවේ සහයෝගය පළ වී තිබෙනවා.
නව ආරක්‍ෂක පනතට අනුව හොංකොං දේශ සීමාව තුළ දී චින රජයේ අධිකාරිත්වයට එරෙහිව ක්‍රියාකාරකම්වල නිරත වීම අපරාධයක් වන බවයි විශ්ලේෂකයන් පවසන්නේ. මෙම නව පනත සමඟ හොංකොං දේශයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුවන බවට බොහෝ දෙනෙකුගේ මත පළ වී තිබෙනවා.
හොංකොං දේශය මහජන චීනයේ ස්වයං පාලන ප්‍රදේශයක් ලෙසයි ක්‍රියාත්මක වන්නේ. නව පනතට අනුව හොංකොං ස්වයං පාලන ප්‍රදේශය තුළ චීනයේ ආරක්‍ෂක නියෝජිත ආයතන පිහිටුවිමට ද ඉඩ සැලසෙනු ඇති. මීට පෙර හොංකොං පරිපාලනය මඟින් ගෙන එන ලද උදර්පන නීතිය නිසා ද දීර්ඝ උද්ඝෝෂණ මාලාවක් ඇති වුණා.
The post හොංකොං සඳහා නව ආරක්‍ෂක පනතක් ගෙන ඒමට චීන පාර්ලිමේන්තුවේ සහයෝගය appeared first on ITN News.
Post a Comment