Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එංගලන්තයේ කොටුවී සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් පිටත්ව යයි  

Add comments

කොරෝනා වෛරසය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව එංගලන්තයේ කොටුවී සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් යානයක් කටුනායත ගුවන්තොටුපලෙන් අද අලුයම පිටත්ව ගියා.

ලණ්ඩනයේ සිට සිසුන් 250 දෙනෙකු රැගෙන එම යානය අද රාත්‍රී 12.45 ට කටුනායක ගුවන්තොටුපලට පැමිණීමට නියමිතයි. ඔවුන් දිවයිනට පැමිණි පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙනවා.

විදේශයන් හි කොටුවී සිටින ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට ගෙන්වා ගැනීමේ රජයේ වැඩපිළිවෙල යටතේයි අද දිනයේදී ලන්ඩනයේ සිටි මෙම සිසුන් රැගෙන ඒමට කටයුතු කෙරෙන්නේ. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 503 දරණ යානය අද අලුයම 04.40 ට කටුනායක ගුවන්තොටුපලෙන් ලන්ඩනයේ හීතෘෘ ගුවන්තොටුපල බලා පිටත්ව ගියා. අද දිනයේදී සිසුන් 250 දෙනෙකු මෙසේ රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වන්නේ. ඒ අනුව අද හෙට සහ අනිද්දා බ්‍රිතාන්‍යයේ සිට සිසුන් ගෙන්වා ගැනීම සිදු කෙරෙනවා.

මේ අතර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට සිසුන් රැගෙන ඒම ලබන 08 වනදා සිදු කිරීමට නියමිතයි. එදින පෙරවරු 8.15 ට මෙල්බර්න් හි සිට පැමිණෙන යානය එදිනම පස්වරු 2.30 ට දිවයිනට ළඟා වීමට නියමිත බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසන්නේ.

 

 

The post එංගලන්තයේ කොටුවී සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් පිටත්ව යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG