Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැඩි මිලට පොහොර වික්කොත් වැඩවරදී  

Add comments

වැඩිමිලට පොහොර අලෙවිකරන අලෙවි නියෝජිතයන් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස ජාතික පොහොර ලේකම් කාර්යාලය  ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සහනාධාර පොහොර අලෙවි කිරීමේ දී අලෙවි නියෝජිතයන් නියමිත මිලට වඩා වැඩි මිලට පොහොර අලෙවි කරන බවට දිනපතා පැමිණිලි රැසක් ලැබෙනමින් පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා පවසනවා. සහනාධාර පොහොර කිලොග්‍රෑම් 50 ක පොහොර මිටියක මිල රුපියල් දහසක් වන අතර මිශ්‍ර පොහොර මිටියක මිල රුපියල් 1150ක් පමණ වනවා. මෙම  මිල ගණන් අදාළ පොහොර බෑගයේ මුද්‍රණය කර තිබෙනවා.

මෙම මිල ඉක්මවා අලෙවි කරන්නේ නම් ඒ පිළිබඳ පැමිණිලි  කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයේ 0113403931හෝ 0113403794 යන දුරකතන අංකවලට ඉදිරිපත්කළ හැකි බවයි ජාතික  පොහොර ලේකම් කාර්යාලය පවසන්නේ.

 

 

 

 

 

 

 

 

 

The post වැඩි මිලට පොහොර වික්කොත් වැඩවරදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG