Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ කිරිමේ ක‍්‍රියවලිය ගැන සාකච්ඡා  

Add comments

පාසල් යළි ආරම්භ කිරිම සදහා දින නියම කිරිමෙන් පසු අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමේ ක‍්‍රියාවලිය සකස් කිරිමට පලාත් මට්ටමින් සාකච්ඡා ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

දකුණු, උතුරු මැද සහ වයඹ පලාත් අධ්‍යාපන බලධාරින් සමග මේවන විටත් සාකච්ඡා කර ඇති බවයි අමාත්‍යාංශ ලේකම් එම් එච් එම් චිත‍්‍රානන්ද මහතා පවසන්නේ. ඌව සහ මධ්‍යම පලාත් අධ්‍යාපන බලධාරින් සමග ද ඉදිරියේදී සාකච්ඡා කිරිමටයි නියමිත. කොරෝනා වසංගතය පාලනය කිරිමෙන් පසු පාසල් ආරම්භ කිරිමට දින නියම කළ ද විශේෂ කාලසටහන් ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක කිරිමයි සැලසුම.

විභාග අරමුණු කරගනිමින් 10 ශ්‍රේණියෙන් ඉහල පන්ති සදහා පලමු අදියරේදී පාසල් ආරම්භ කිරීමටයි අවධානය යොමුව තිබෙන්නේ. ඒ අනුව දැනට 13 වන ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන සිසුන්ට ප‍්‍රමුඛතාව ලැබෙනු ඇති බවයි අමාත්‍යාංශ ලේකම් එම් එච් එම් චිත‍්‍රානන්ද මහතා සදහන් කළේ.

පාසල් ආරම්භ කිරිමට පෙර විෂබීජහරණය සහ ඩෙංගු මර්දන වැඩසටහන්ද ක‍්‍රියාත්මක කෙරෙනවා. ඒ සම්බන්ධයෙන්ද පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කළේ.

The post පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ කිරිමේ ක‍්‍රියවලිය ගැන සාකච්ඡා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG