Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

‘කොරෝනාවට පරාජය – ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය’ මැකෝගේ තේමාව වුණත් ඡන්දය අවිනිශ්චිතයි  

Add comments

මැතිවරණයට නාම යෝජනා භාර දී ඇති දේශපාලන පක්‍ෂ නියෝජිතයන් හා මැතිවරණ කොමිසම අතර අද (02) පැවති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා. මැතිවරණය පැවැත්වෙන දිනයක් පිළිබඳව ද මෙහිදී අවසන් තීරණයකට පැමිණ නැහැ.

මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අද (02) පෙරවරු 11ටයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ. ඊට දේශපාලන පක්‍ෂ නියෝජිතයන් සියලු දෙනා සහභාගි වී සිටියා. කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය සමග උද්ගතවූ වාතාවරණය හමුවේ මැතිවරණය ජුනි 20 වනදාට කල් තැබුණා. එම කල් දැමීමෙන් පසු මැතිවරණ කොමිසමේ නියෝජිතයන් හා දේශපාලන පක්‍ෂ නියෝජිතයන් හමුවූ දෙවන අවස්ථාව මෙයයි.

රැස්වීම් හා ජනහමු පැවැත්වීමේ මාර්ගෝපදේශන මාලාවක් ද ඉදිරියේදී නිකුත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. මෙම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ පක්‍ෂ නියෝජිතයන්.

The post ‘කොරෝනාවට පරාජය – ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය’ මැකෝගේ තේමාව වුණත් ඡන්දය අවිනිශ්චිතයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG