රත්නපුර ප්‍රදේශයේ ජල ගැලීම් නායයෑම් අවදානම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැළසීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි.
අයගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පීඩාවට පත් පුද්ගලයින් 694 දෙනෙකුට වියළි ආහාර ඇතුළු අනෙකුත් පහසුකම් සැලසීමට කටයුතු කර තිබෙනවා. ප්‍රදේශයේ එක් නිවසක් පූර්ණ වශයෙන් හානියට පත්ව ඇති අතර තවත් නිවාස 41 ට අර්ධ හානි සිදුව ඇති බවයි අයගම ප්‍රාදේශීය ලේකම් නෙරංජ එස් ජයකොඩි මහතා සඳහන් කළේ. මඩබද්දර පිවිසුම් මාර්ගයේ නායයෑමක් හේතුවෙන් නිවාස 250 ක පමණ ජනතාව දුෂ්කරතාවන්ට පත්ව සිටිනවා.
මේ අතර බලංගොඩ යක්දෙහිකන්ද හා පෙට්ටිගල ප්‍රදේශවල නායයාම් අවදානම් හේතුවෙන් පවුල් 80 ට අයත් පුද්ගලයින් 360 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. අධික වර්ෂාව ඇඳහැලීමත් සමඟ උද්ගතව ඇති අවදානම් තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා කියාසිටියේ. මෙම ජනතාවට වියළි ආහාර හා පිසූ ආහාර ලබාදීමට ද පියවර ගත් බව ප්‍රාදේශීය ලේකම්වරයා සදහන් කළා.
The post ජල ගැලීම් නායයෑම් අවදානම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැළසීමේ කටයුතු අඛණ්ඩව appeared first on ITN News.
Post a Comment