Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහමැතිවරණය පැවැත්වීමට එරෙහි පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙටට කල් තැබෙයි  

Add comments

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මහමැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට (21) දිනට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

අද දිනය අවසන් වන විට වග උත්තරකාර පාර්ශ්වයක් ලෙසට නම් කර තිබු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා සිය වාචික දේශන අවසන් කළා. එහිදී විජේදාස රාජපක්ෂ මහතා පවසා සිටියේ මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව කැදවීමට
ජනාධිපතිවරයාට කිසිදු බලයක් නොමැති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු යළි කැදවීමේ ප්‍රතිපාදන ඇත්තේ හදිසි අවස්ථා තත්ත්වයක් යටතේ බවත් මේ අවස්ථාවේ රටේ පවතින්නේ සෞඛ්‍ය ප්‍රශ්නයක් බව රාජපක්ෂ මහතා පවසා සිටියා .

පාර්ලිමේන්තුව කැඳවා නීති රෙගුලාසි සම්පාදනය කිරීමට රටේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් පවතින නීති යටතේ රජය සාර්ථකව කොරෝනා වෛරසය සාර්ථකව මර්දනය කර ඇති බව රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියා. දැනට පවතින නීති ප්‍රතිපාදනයක් වන නිරෝධන පනත වැනි අන පනත් යටතේ  මෙම සෞඛ්‍ය ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දීමට රජයට හැකි වී ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා. මෙම සියලු මූලික අයිතිවාසිකම් පෙත්සම් වල අරමුණ මැතිවරණය කල් තැබීම බව විජේදාස
රාජපක්ෂ මහතා පවසා සිටියා. එම නිසා මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා නොදෙන ලෙසට ඔහු ඉල්ලා සිටියා.

මේ අතර ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම පෙත්සම් වලට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කළා. මෙම පෙත්සම් වලට දේශපාලන පක්ෂ සම්බන්ධ වුවත් කිසිදු දේශපාලන පක්ෂයක් පෙත්සම්වල පාර්ශ්වයන් ලෙසට නම් කර නොමැති බව රොමේෂ් ද සිල්වා මහතා පවසා සිටියා.තවද මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ යුතු කාල සීමාව පසුකරමින් බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

The post මහමැතිවරණය පැවැත්වීමට එරෙහි පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙටට කල් තැබෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG