ලොව පුරා මිලියන 60ක පිරිසක් ඉදිරියේ දී අන්ත දුගී භාවයට පත්වනු ඇති බවට ලෝක බැංකුව අනතුරු අඟවනවා.
වෛරස ව්‍යාප්තියට මුහුණදීමට සිදුවීමත් සමඟින් ලෝක ආර්ථික වර්ධන වේගය 05% කින් පහත වැටී ඇති බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. මේ වන විටත් ලොව පුරා මිලියන ගණනකට තම රැකියා අහිමි වී තිබෙනවා. වෛරසය මැඩලීමට ආර්ථික ශක්තියක් නොමැති රටවල්වලට සංවර්ධිත රටවල් ආර්ථිකමය වශයෙන් ආධාර ලබා දිය යුතු බවයි ඔහු තවදුරටත් පවසන්නේ.
The post ලොව පුරා මිලියන 60ක පිරිසක් අන්ත දුගී භාවයට පත්වනු ඇති බවට අනතුරු ඇඟවීමක් appeared first on ITN News.
Post a Comment