Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනාවෙන් යට ගිය ඊශ්‍රායල අගමැති බෙන්ජමින්ගේ දූෂණ චෝදනා යළි කරලියට  

Add comments

ඊශ්‍රායල අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතාට එරෙහි දූෂණ චෝදනා විමර්ශන ලබන 24 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතාට එරෙහිව එල්ලකර තිබූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය මාස දෙකකින් කල් ගියා.

බෙන්ජමින් නෙතන්යාහු මහතා ඊශ්‍රායලය වැඩිම කලක් පාලනය කළ පුද්ගලයායි. අලුතින් පිහිටුවා ගත් සන්ධාන ආණ්ඩුව ඊශ්‍රායල පාර්ලිමේන්තුවේදී පසුගිය ඉරිදා අනුමත කර ගැනුණා. ඒ වසරක පමණ කාලයක් පැවති දේශපාලනික බල අරගලයකින් පසුවයි. නව  සන්ධාන ආණ්ඩුව අනුව බෙන්ජමින් නෙතන්යාහු මහතාට තවදුරටත් අග්‍රාමාත්‍යවරයා වශයෙන් බලයේ සිටීමේ අවස්ථාව ලැබුණා. මේ හේතුවෙන් ඔහුට එරෙහිව එල්ලවල දූෂණ චෝදනා සම්බන්ධයෙන් වඩාත් විනිවිද පෙනෙන සුළු විමර්ශනයක් සිදු කිරීමට නොහැකි වන බවයි විපක්ෂ දේශපාලන පක්ෂ සඳහන් කරන්නේ. ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ හැට හතර දහසක සුරුට්ටු , ෂැම්පේන්  ඇතුළු ත්‍යාග ධන කුවේරයෙකුගෙන් ලබා ගැනීම ඇතුළු දූෂණ චෝදනා රැසක් ඔහුට එල්ලවී තිබෙනවා.

The post කොරෝනාවෙන් යට ගිය ඊශ්‍රායල අගමැති බෙන්ජමින්ගේ දූෂණ චෝදනා යළි කරලියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG