අම්ෆන් සුළි කුණාටුව මේ වනවිට බංග්ලාදේශයෙන් ඉවත්ව භූතානය දෙසට ගමන් කරන බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
පසුගිය දින දෙක තුළදී නැගෙනහිර ඉන්දියාවට සහ බංග්ලාදේශයට මෙම සුළි කුණාටුව හේතුවෙන් බරපතල හානි සිදුවූණා. දෙරටේම පුද්ගලයින් 80කට අධික පිරිසක් මිය ගිය අතර මිලියන 8ක පමණ පිරිසක් අවතැන්ව සිටිනවා.
නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය මධ්‍යයයේ අම්ෆන් හි බලපෑම තවදුරටත් ආර්ථිකය දුර්වල කිරීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. සමාජය දුරස්ථභාවය තබා ගැනීමට පිහිටුවා ඇති අවතැන් කදවුරු ප්‍රමාණවත් නොවන බවයි දෙරටේ බලධාරීන් නිවේදනය කරන්නේ.
The post ඉන්දියාවෙත් බංග්ලාදේශයෙත් 80 ක් මරු තුරුලට යවා අම්ෆන් භූතානයට රිංගයි appeared first on ITN News.
Post a Comment