කෝවිඩ් නයින්ටීන් වෛරසය මර්දනය කිරීම සදහා මිනිසුන් යොදාගෙන අත්හදා බැලූ එන්නතක් සාර්ථක ප්‍රතිඵල ගෙනදෙමින් පවතින බව චීනයේ ලැන්සෙට් සගරාව වාර්තාකර තිබෙනවා.
චීන ජාතිකයෙකුට පළමු එන්නත ලබාදී ඇති අතර පළමු අදියර අවසන් වනවිට ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරී තිබෙනවා. ඊට අදාළ ප්‍රතිඵල අන්තර්ජාලයට යොමුකර ඇති අතර ඕනෑම අයෙකුට පරීක්ෂාකර බැලිය හැකියි.
පුද්ගලයින් 108 දෙනෙකු යොදාගෙන දින 14 ක් පුරා අදාළ පරීක්ෂණය සිදුකෙරුණා. පළමු අදියරේ පර්යේෂණ කටයුතු අවසන් වී දින 28 ක් ගතවන තුරුම ඉන් අහිතකර ප්‍රතිඵල වාර්තා වී නොමැති බව අදාළ වාර්තාවේ දැක්වෙනවා.
එහි බලපෑමෙන් ප්‍රතිදේහ නිෂ්පාදනය වී තිබූ අතර කොරෝනා වෛරසයට එරෙහිව ස්ථිර එන්නත් හදුන්වාදීමට උත්සාහ දරණ මොහොතක දී මෙය වැදගත් සංදිස්ථානයක් ලෙසටයි පර්යේෂකයන් හදුන්වා දී තිබෙන්නේ.
The post කොරෝනා වෛරසය මර්දනයට මිනිසුන් යොදාගෙන අත්හදා බැලූ එන්නතක් සාර්ථක ප්‍රතිඵල පෙන්වයි appeared first on ITN News.
Post a Comment