දරුවන් අතර පැතිර යන කවසාකි රෝගය මේ වන විට ලොව පුරා විවිධ රටවල හිස ඔසවමින් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
කවසාකි රෝගය වැළඳීමෙන් මිය ගිය පළමු දරුවා ප්‍රංශයෙන් වාර්තා වුණා. ඒ 9 හැවිරිදි පිරිමි දරුවෙක්.
ස්නායු පද්ධතියට බලපෑම් එල්ල වීමෙන් ඔහුගේ මරණය සිදුව ඇති බවයි වෛද්‍ය විශේෂඥයන් සඳහන් කළේ.
මෙම රෝගය කොරෝනා වෛරසය සමග ද සම්බන්ධයක් ඇති බවට වෛද්‍යවරුන්ගේ සැක පහළ වී තිබෙනවා.
මිය ගිය දරුවාට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා.
ඔහු රෝහලේ දවස් 7 ක කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් පසුවයි ජීවිතක්‍ෂයට පත්වුණේ.
අධික උණ, සමේ කුෂ්ට ඇති වීම සහ උදරයේ වේදනාවක් ඇති වීම රෝග ලක්‍ෂණයි.
රෝගයෙන් වැඩිම බලපෑමක් එල්ල වන්නේ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ටයි.
The post දරුවන් අතර පැතිර යන කවසාකි රෝගය ලොව පුරා හිස ඔසවයි appeared first on ITN News.
Post a Comment