පේරු රාජ්‍ය සම්පූර්ණයෙන් වසා දැමීමේ කාලය ලබන මස 30 වනදා දක්වා දීර්ඝකර තිබෙනවා.
පේරු ජනාධිපති මාටින් විස්කාරා ප්‍රකාශ කළේ ජාතික හදිසි තත්ත්වය ලබන සදුදා සිට ජුනි මස 30 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන බවයි.
හදිසි තත්ත්වය තවදුරටත් දර්ඝ කිරීම හේතුවෙන් පේරු රාජ්‍ය මාස තුනහමාරක පමණ කාලයක් හදිසි තත්ත්වයන් යටතේ පවත්වාගෙන යාමට සිදුව තිබෙනවා.
මේ වනවිට එරටින් කෝවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් එක්ලක්ෂ දොළොස්දහසක් පමණ වාර්තා වී තිබෙනවා.
තුන්දහසකට අධික පිරිසක් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.
The post පේරු රාජ්‍ය සම්පූර්ණයෙන් වසා දැමීමේ කාලය දීර්ඝකරයි appeared first on ITN News.
Post a Comment