Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙටට කල් ලැබේ  

Add comments

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බවට ප්‍රකාශයට පත් කර එම ගැසට් පත්‍රය බල රහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වැඩිදුර විභාගය හෙට (20) දිනට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

අද දින පෙත්සම්කාර පාර්ශ්වයන් වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා මහතා සහ නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා සහ ජනාධිපති නීතිඥ ඉක්‍රාම් මොහොමඩ් මහතා සිය වාචික  දේශන ඉදිරිපත් කරන ලදී . විරාන් කොරයා මහතා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි අතර සුරේන් ප්‍රනාන්දු මහතා සමගි ජනබලවේගය පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටියා. ඉක්‍රාම් මොහොමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය වෙනුවෙන් පෙනී සිටියා.

නීතිඥවරයකු විසින් ගොනු කළ පෙත්සමක් හෙට දින අටවන පෙත්සම ලෙසට සලකා බැලීමට නියමිතයි.

The post පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙටට කල් ලැබේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG